FAST NEWS

24×7 Around the Globe

රුසියාවේ හිටපු තානාපති උදයංගට නොතීසි නිකුත් කෙරේ.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත්  අධිකරණය අද (18) ඉවත  දැමුවෙය.

2006 වසරේදී  සිදුවූ බව කියන මිග් යානා ගනුදෙනුවකදී රජයට පාඩුවක් සිදුවූ බව කියමින් විභාගවන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබූ උදයංග වීරතුංගට ්නොතීසි බාරදීමට ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා තිබිණි.

සැකකරුවකු ලෙස ඔහු හඳුනාගෙන නැති නිසා සහ ඔහු සිටින විදේශ ලිපිනයක් ඇති බැවින් එම ලිපිනයට සිතාසි යවන ලෙසද අධිකරණය එෆ්සීඅයිඩි යට නියෝග කළේය.