ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ සොහොයුරා වන ජෙබ් බුෂ් මීළග ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඒ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින්. ඔහුගේ ජනාධිපතිවරණ ප්රචාරණ වැඩපිළිවෙල ආරම්භ කරමින් පැවති ෆ්ලොරිඩාහි පැවති රැළියට හිටපු ජනපතිවරුන් වන ජෙබ් බුෂ්ගේ සොහොයුරු ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ පියා වන ජෝර්ජ් බුෂ්ද එක්ව සිටි බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. ජෙබ් බුෂ් මීට පෙර ෆ්ලොරිඩා ප්රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළා.







