FAST NEWS

24×7 Around the Globe

නාමල්ට ඇප – බැංකු 04 ක ගිණුම් ගැන සොයන්න නියෝග.

ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රගර් ප්‍රවර්ධනය සඳහා දුන් බව කියන රුපියල් මීලියන 70 ක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය  අද (18) නියෝග කළේය.

රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප තුනක් හා රුපියල් 50000ක මුදල් ඇපයක් හා මත ඔහු මුදා හැරිණි.

එසේම ඔහුට විදෙස් ගමන්ද තහනම් කැරුණු අතර බැංකු 4ක නාමල් රාපක්ෂගේ නමින් ඇති ගිණුම් පරීක්ෂා කිරීමටද රහස් පොලිසියට අවසර දුන්නේය.