FAST NEWS

24×7 Around the Globe

යාපනය විශ්වවිද්‍යාලය නැවත්ත් බදාදා ඇරේ….

පසුගිය සෙනසුරාදා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්දින නියමයක් නොමැතිව වසා දැමුණු යාපනය විශ්වවිද්‍යාලය ලබන බදාදා පමණ වන විට ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

සිසු ගැටුටමන් පසුව විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි බලධාරින් පියවර ගත්ෙත්ය.

කෙසේ වෙතත් මෙම ගැටුම සම්බන්ධයෙන් ඊයේ(17) දිනයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ සඳහා සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවයම සහභාගී වී ඇති අතර මෙවැනි ආකාරයේ ගැටුම් යළි ඇති නොවීමට ඔවුන් බලධාරීන්ට පොරොන්දු වූ වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කළේය.

ඒ අනුව අදාළ ගැටළුව මේ වන විට සමතයකට පත්ව ඇති හෙයින් විශ්වවිද්‍යාලය යළි ලබන බදාදා දිනයේ ආරම්භ කිරීමට හැකියාව පවතින බව එම කොමිසන් සභාව සඳහන් කළේය.

මේ අතර සිද්ධියෙන් අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයට යොදවා තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට ද මේ වන විට පියවර ගෙන තිබේ.