FAST NEWS

24×7 Around the Globe

දුරකථන ගාස්තු සඳහා වැට් බද්ද අය නෙකෙරේ…

වැට් බද්ද ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව තවදුරටත් දුරකථන ගාස්තු සඳහා පාරිභෝගිකයන්ගෙන් වැට් බද්ද අය නොකිරීමට දුරකථන සමාගම්වලට උපදෙස් දුන් බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්  සුනිල් .එස්. සිරිසේන මහතා පැවසීය.

ඒ අනුව දුරකථන ඇමතුම් වෙනුවෙන් සිය පාරිභෝගිකයන්ගෙන් වැට් බද්ද අයකර නොගන්නා බවට සියලු දුරකථන සමාගම් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත දන්වා ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රජය විසින්  එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද  පැනවීමත් සමග මත මෙරට දුරකථන සමාගම්  ද වැට් බද්ද ඇතුළත් කරමින්  දුරකථන ගාස්තු ඉහළ දැමූ අතර, ඒ අනුව දුරකථන ඇමතුම් ගාස්තුව සියයට 49.5කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබුණි.

වැට් බද්ද ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තහනම් නියෝගයට අනුව අදාළ දුරකථන සමාගම් දුරකථන ඇමතුම් සඳහා සිය පාරිභෝගිකයන්ගෙන් අයකළ වැට් බද්ද තවදුරටත් ක්‍රියාත්මක නොවන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්  සුනිල් .එස්. සිරිසේන මහතා පැවසීය.