FAST NEWS

24×7 Around the Globe

වැට් බදු සංශෝධනය ගැන ශ්‍රීලනිප කමීටු වාර්තාව ප්‍රමාදයි….

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුව විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරන බැවින් එයට අදාළ  වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදීම සතියකින් පමණ කල් යනු ඇතැයි එම කමිටුව පැවසීය.

මෙයට අදාළ කමිටු වාර්තාව ඊයේ (17දා) භාරදීමට නියමිතව තිබුණද, එය භාර නොදුන් බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු අධ්‍යයනය කිරීමට අදාළ කමිටුව අද(18දා) රැස්වීමට නියමිත බවද පැවසේ.

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් රජයේ අදහස මෙන්ම ඊට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන බවත්, මේ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අනිද්දා දිනයේදී බොහෝදුරට නොපැවැත්වීමට ඉඩ ඇති බවත් අදාළ කමිටුව පැවසීය.