FAST NEWS

24×7 Around the Globe

ඇමති රාජිත ඇමෙරිකා යයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික සහ සාමාජ කවුන්සිලයේ සැසිවාරය අමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදී ලබන සතියේ ආරම්භ වන අතර ඒ සඳහා සහභාගී වීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ රාත්‍රී (15) අමෙරිකාව බලා පිටත්ව ගියේය.

මෙම සැසිවාරය ලබන 18 සහ 19 යන දෙදින පුරා පැවැත්වීමට නියමිත අතර ලෝකයේ බෝ නොවන රෝග පාලන කිරීමේ ක්‍රමවේද පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.