FAST NEWS

24×7 Around the Globe

වැල්ලවත්ත හා යාපනය අතර අර්ධ සුඛෝපභෝගී බස් සේවාවක්.

මගීන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා වැල්ලවත්ත හා යාපනය අතර අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කර බව  ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසලදී අද (15) රාත‍්‍රි 7ට පලමු බස් රථය යාපනය බලා පිටත්ව යාමයි සැලසුම් කර ඇත.

කොළඹ කොච්චිකඩේ, කොටහේන, මීගමුව සහ පුත්තලම ඔස්සේ එම බස් රථ යාපනයට ළගා වීමට නියමීතය.

යාපනයෙන් රාත‍්‍රී 10 ට බස් රථයක් වැල්ලවත්ත බලා පිටත්වීමට නියමිතයි.