දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් අද සිට කටුනායක ගුවන්තොටුපොළේදී විශේෂ පරික්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා පැවසුවේ, දකුණු කොරියාවේ පැතිර යමින් ඇති මර්ස් වෛරසය මෙරටට ඇතුළුවීම වැළක්වීම සඳහා එම පියවර ගන්නා බව ය.







