FAST NEWS

24×7 Around the Globe

වැඩිකළ 4%ක වැට් බද්ද අය නොකළ හැකි ලෙසට චක්‍රලේඛයක් නිකුත් කෙරේ.

වැට් බදු සංශෝධනය සම්බන්ධ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වන තුරු වැඩිකළ 4%ක වැට් බද්ද කිසිදු භාණ්ඩයකින් අයකර ගත නොහැකි බව දන්වමින් අදාළ අංශවලට අද (14) චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

වැට් බදු සංශෝධන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක් ලැබෙන තුරු එම පනත් කෙටුම්පත ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නොහැකි වන බවද ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.