FAST NEWS

24×7 Around the Globe

ඇමති උපදෙස් අනුව ලංකා සතොස ජාලය පරිගණක ගත කෙරේ.

සමස්ත ලංකා සතොස ජාලය පරිගණක ගත කිරීම ඉදිරි මාස හය තුළ සිදුකිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

පදනම් ආයතනයේ දී පැවැති ලංකා සතොස කළමනාකරුවන් 300 කට අධික පිරිස සඳහා වූ  පුහුණු සැසියක් අමතමීන් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේමලාල් රණගල මහතා  ලංකා සතොස ආයතනයේ කළමනාකාර විශේෂඥයෙකු ලෙස පත් කර ඇති බවද කලමණාකරුවන් තම සේවයට හා ආයතනයේ දියුණුවට අවශ්‍ය කැපවීම දක්වන්නේ නම්, ලංකා සතොස ජාලය ලාභ ලබන සුපිරි වෙලෙඳ සැල් ජාලයක් වන බවත් මෙහිදි අමාත්‍යවරයා අවධාරණය කළේය.

එසේම ලැබෙන පැමිණිලි අනුව, ලංකා සතොස ජාලයේ සිදුවන අක්‍රමිකතා, දූෂණ සහ සොරකම් අවම කර, ඒවා පිළිබඳ තොරතුරු සෙවීමට සහ පරීක්ෂණ පැවැත්වීම යන කටයුතු වලට අවශ්‍ය නායකත්යවය ප්‍රේමලාල් රණගල මහතා විසින් ලබා දීමට නියමිත බවද කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.