FAST NEWS

24×7 Around the Globe

ගල් අගුරු වංචාවක් සම්බන්ධයෙන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලට පැමිණිල්ලක්.

2015 වසරේදි නොරොච්චොලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන ටෙන්ඩර් වංචාවක්  සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානය අද පෙරවරුවේදි (14) දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ පාඩුව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.