FAST NEWS

24×7 Around the Globe

වැට් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවත් එකාබද්ධ‍යෙන් පෙත්සමක්….

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයකින් සම්මත කරගැනීම සඳහා අවස්ථාව ලබාදෙන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

පසුගිය 2016 අයවැය ලේඛනයේ සඳහන් ක්‍රමවේදය මෙම පනත් කෙටුම්පතේ සඳහන් නොවන බව මෙම පෙත්සමේ මගින් අවධාරණය කර ඇත.

අයවැය ලේඛනය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ බැවින් මෙම පනත් කෙටුම්පතද තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

මෛ වැට් සම්බන්ධ පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලබන 20 වනදා සිදු කර එදිනම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණී.

කෙසේ වෙතත් කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත මේ මස 20 දා පාර්ලිමේන්තුවේ විවාද නොකරන බවයි.