FAST NEWS

24×7 Around the Globe

ISIS සංවිධානයේ ප්‍රධාන යුද උපදේශකවරයා ජිවිතක්ෂයට.

අයි එස් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත්‍ර සංවිධානයේ ප්‍රධාන යුද උපදේශකයෙකු ලෙස කටයුතු කළ අබු ඕමාර් අල්-ෂිෂානි ජීවිතක්ෂයට පත්ව  ඇති බව විදේ මාධ්‍ය වාර්තා කර සිටියි.

දකුණුදිග මොසිල් නගරය ආසන්නයේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉස්ලාම් රාජ්‍යය හා සම්බන්ධන ප්‍රධාන පුවත් ජාලය ස්ථිර කර ඇති බව වැඩි දුරටත් පැවසේ..

ඉරාක බලධාරීන් විශ්වාස කරන්නේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ බල කඳවුරක් වන මොසුල් නගරයට කි.මී. 100ක් ඔබ්බෙන් වූ ෂිර්ඛාත් නගරයේ සිදුවන ගැටුම්වලදී ඔහු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවය.