FAST NEWS

24×7 Around the Globe

නව ඉන්ධන බදු ජනතාවට පිට පටවන්නේ නෑ…

ඉන්ධන වෙනුවෙන් අය කෙරෙන බදු මුදල ජනතාවට පිට පැටවීමට රජය කිසිසේත් ඉඩ නොතබන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා ඊයේ (13) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමීන් අවධාරණය කළේය.

එහෙයින් ඛණිජ තෙල් සඳහා අය කෙරෙන රුපියල් හයක බදු මුදල ඛණිජ තෙල් අමාත්‍යාංශය විසින් දැරීමට රජය තීන්දු කර ඇතැයිද ඇමැතිවරයා හෙළි කළේය.

ඛණිජ තෙල් සඳහා පනවා ඇති රුපියල් හයක බද්ද ජුලි 01 සිට ක්‍රියාත්මක බවත් එම හේතුවෙන් පෙට්‍රල් 92 ඔක්ටේන් සඳහා රුපියල් 6.67ක් පාඩුවක් ද, ‍පෙට්‍රල් 95 ඔක්ටේන් සඳහා රුපියල් 2.95ක පාඩුවක් ද, ඛණිජ තෙල් අමාත්‍යාංශයට දැරීමට සිදුව ඇතැයි ඇමැතිවරයා හෙළි කළේය.

එහෙත් ඩීසල් ලීටරයකින් රුපියල් 28ක ලාභයක් අමාත්‍යාංශයට ඇතැයි ද ඇමැතිවරයා අනාවරණය කළේය.