වැට් බදු ඉහළ දැමීමට ඉදිරිපත් කරන යෝජනා සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමටත් එම යෝජනා එක්සත් ජාතික පක්ෂය පිළිගන්නේ නම් පමණක් එම පනතට සහාය දැක්වීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු පෙරේදා (12) රාත්‍රියේ විශේෂ තීරණයක් ගෙන ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා ලන්ඩන් සංචාරය නිමවා යළි පැමිණි වහාම ඒ සම්බන්ධව හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප ඇමැති කණ්ඩායම තීරණය කර තිබේ.
එහිදී ඉදිරිපත් කරන වැට් බදු යෝජනා සංශෝධනය කළ යුතු යැයි පැවසීමටත් එම සංශෝධන එජාපය පිළිගතහොත් පමණක් ඊට සහයෝගය දැක්වීම අමාත්‍යවරුන්ගේ අදහස යැයි ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමටත් නියමිතය.
ජන්දය ලබාදීම සම්බන්ධව ජනාධිපතිවරයා හමුවන එම සාකච්ඡාවේදී තීන්දු කිරීමටත් තීරණය කර තිබේ.
පෙරේදා (12) රාත්‍රියේදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ අමාත්‍යාංශයට රැස්වූ ශ්‍රීලනිප අමාත්‍යවරුන් මෙම තීරණයට එළැඹ තිබේ.
එහිදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ නිලධාරීන් කිහිප දෙනකු ද එහි පැමිණ ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට වැට් බදු ඉහළ දැමීම පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක්ද කර ඇත.
වැට් බදු ඉහළ දැමීම මේ වසරේ සිදු නොකරන ලෙස ශ්‍රීලනිප අමාත්‍යවරුන් එහිදී මුදල් අමාත්‍යවරයාට පවසා තිබේ.
යම් ලෙසකින් එම බදු ඉහළ දමන්නේ නම් ව්‍යාපාරික ජනතාවට පහසු වන පරිදි දැනට ඉහළ දමා ඇති වැට් බදු සංශෝධනය කළ යුතු බවද ඔවුන් පවසා ඇත.
එහෙත් මුදල් අමාත්‍යවරයා ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ස්ථීර පිළිතුරක් ලබාදී නැති බවද වාර්තා වේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.