FAST NEWS

24×7 Around the Globe

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන මනුෂගෙන් හෙළිදරව්වක්.

 

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු දෙවරක් අත්සන් තැබීම නිසාත් දෙතැනක ‘අංක පැනීමක්’ සිදු වී ඇති නිසාත් අගමැතිට එරෙහි විශ්වාස භංගයට ලැබී ඇත්තේ අත්සන් 108ක් පමණක් බව මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා බී.බී.සී. සිංහල සංදේශයට ඊයේ (15දා) පවසා තිබේ.

‘මන්ත්‍රීවරු දෙදෙනෙක් නොදැනුවත් කමින් දෙපාරක් තැන් දෙකක අත්සන් කර තිබුණා. ඒ වගේම තැන් දෙකක අංක පැනීමක් තිබුණා. ඒ නිසා නිශ්චිතවම අත්සන් 108යි මේ විශ්වාස භංගයේ තියෙන්නේ.’ යැයි මන්ත්‍රීවරයා පවසා තිබේ.

දැඩි බලපෑම් එල්ල වීම නිසා මෙම ලේඛනයට අත්සන් ලබා ගැනීම ඉතා රහසිගතව සිදු කෙරුණු හෙයින් මෙම පටලැවිල්ල සිදු වී ඇති බවත් ඔහු බී.බී.සී. සංදේශයට පවසා තිබේ.