FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බව අමෙරිකාව කියයි.

වගවීම සහ සංහිඳියා ක්‍රියාදාමයේ දී සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බව අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කර සිටී.

ඊයේ (12) මෙරටට පැමිණි අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය ඒ සම්බන්ධව අදහස් දක්වමින් කියාසිටියේ, ඒ අනුව ශ්‍රී ලංකාව ලෝකයට ආදර්ශයක් ලබාදී තිබෙන අතර එම ක්‍රියාදාමයේ දී සහාය දැක්වීමට තම රටට හැකිවීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවයි.

මේ අතර අමෙරිකානු එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොව්ස්කි මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රජාතන්ත්‍රීයකරණය හා ප්‍රතිසන්ධානය තුළින් ශ්‍රී ලංකාව ශක්තිමත් පියවර ගෙන ඇති බවත් දිගු කාලයක් පුරා පැවති යුද්ධය නිමාවී 07සරකට පසු වුවද මෙලෙස යම් සාධනීය පියවර ගැනීම එක්සත් ජනපද නියෝජිතයින්ගේ ප්‍රසාදයට ලක්ව ඇති බවත්ය.

මේවන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර සහකර ලේකම් නිෂා බිස්වාල් මහත්මිය සහ එහි ප්‍රජාතන්ත්‍රවාදය,මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මලිනවොස්කි මහතා ඊයේ දිනයේ විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය.