FAST NEWS

24×7 Around the Globe

ගල් අඟුරු මිලදීගැනීමේ ක‍්‍රමවේදය සොයන්න ත්‍රී පුද්ගල කමීටුවක් පත් කෙරේ.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිලදීගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධව පවතින තත්ත්වය පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා  අද (13) පෙරවරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මුලිකත්වයෙන් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි ඩබ්.පෙරේරා,සර්ටිෆයිඞ් මැනේජ්මන්ට් එකවුන්ටන්ට්ස් ආයතනයේ සභාපති,මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක බී.ඒකනායක මෙලෙස පත්කර ඇති බව අමාත්‍යංශ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.