FAST NEWS

24×7 Around the Globe

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පාලනයට ඇමති රිෂාඩ් ගෙනා යෝජනාව සම්මතයි. (කැබිනට් නිවේදනය)

භාණ්ඩ ප්‍රවාහන වියදම හා මැදිහත්වන අතරමැදියන්ගේ සංඛ්‍යාව මත අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සැලකිය යුතු ලෙස වෙනස්වීම සාමාන්‍යයෙන් සිදු වන නමුත් මෑතක දී සිදු කරන ලද වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවට පාරිභෝගිකයින් අතර මතයක් නිර්මාණය වී ඇත.

ඇතැම් පාරිභෝගික භාණ්ඩ සඳහා වැට් බදු අදාළ වුවත් සහල්, සීනි, පරිප්පු, ලොකු ළූණු, අර්තාපල්, රතු ළූණු, කිරිපිටි, තිරිඟු පිටි, වියළි මිරිස්, මුං ඇට, කව්පි, ටින් මාළු, කුකුල් මස්, වියළි හාල්මැස්සන් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සඳහා වැට් බදු අදාළ නොවේ.

එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස අලෙවිසැල් හරහා අලෙවි කරනු ලබන මිලට වඩා ඉතා වැඩි මිලකට සාමාන්‍ය වෙ‍ළෙඳුන් විසින් අලෙවි කරනු ලබන බව පෙනී ගොස් ඇත.

මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 15ක් හඳුනාගෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ විධිවිධාන යටතේ ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමටත්, එම ආහාර ද්‍රව්‍යයන්හි උපරිම සිල්ලර මිල ගණන් ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මඟින් තීරණය කිරීමටත්, ඒ අනුව එම පාලන මිල ගණන් ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත උපාධිධාරි අභ්‍යාසලාභීන් 200කගේ සහ අවශ්‍ය අවස්ථාවන්හිදී ආරක්ෂක අංශවල නිලධාරින්ගේ සේවය ලබාගැනීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.