FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මන්ත්‍රී සංසදය හිටපු ජනපතිගෙන් නව පක්ෂයක් ඉල්ලයි.

හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසඳය අතර විශේෂ සාකච්ජාවක් නෙලුම් මාවතේ පිහිටි කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගිවී සිටිය බවත් වාර්තා වේ.

මෙම සාකච්ඡාවට පැමිණි සිටි හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනම දේශපාලන මතවාදයක් සමග නව පක්ෂයක් ආරම්භ කිරීමට හිටපු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් වාර්තා වේ.