FAST NEWS

24×7 Around the Globe

වත්මන් ආණ්ඩුවට ස්ථීර ප්‍රතිපත්තියක් නෑ…

රටේ සිදුවන සහ සිදුවූ දූෂණවලට එරෙහිව කටයුතු කිරීමට වත්මන් ආණ්ඩුවට ස්ථීර ප්‍රතිපත්තියක් නොමැති බව දූෂණ විරෝධී පෙරමුණ චෝදනා කරයි.

එම පෙරමුණේ සාමාජික කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ,”දීර්ඝ කාලයක් යටගහලා තිබුණු ගණුදෙනුවක් වන ක්‍රීෂ් ගණුදෙනුව සම්බන්ධව ඉදිකිරීම් දැන් පටන් අරගෙන තිබෙනවා. ඒක පටන්ගෙන තියෙන්නෙත් මේ ක්‍රීෂ් සමාගමමයි.  නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න කොට ආණ්ඩුවේ අනික් පැත්තේන් මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියළුම පහසුකම් සපයලා දූෂිත ගණුදෙනුවේ ගොඩනැගිල්ල ඉදිකරන්නට අවශ්‍ය පරිසරය ගොඩනඟනවා. මේ තුළ ඉතාම පැහැදිලිව අපිට පේනවා ආණ්ඩුව එක දෙයක් කියනවා. එක දෙයක් කරනවයි කියලා.” යනුවෙනි.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ එහි සාමාජිකයින් පෙන්වාදුන්නේ ද පසුගිය කාලයේ සිදුවූ අයථා ගණුදෙනු සම්බන්ධයෙන් සිදුවන නීතිමය කටයුතු විනිවිදභාවයෙන් තොර  බවයි.