FAST NEWS

24×7 Around the Globe

රාවණා බලයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමී ජනපති කොමීසමට.

රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අද (13) පෙරවරුවේ බරපතල වංචා සහ දූෂණ විමර්ශනය ජනාධිපති කොමිසම වෙත වැඩම කළේය.

පසුගිය ආණ්ඩු සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සිදුව ඇතැයි කියන වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට උන් වහන්සේ මෙසේ වැඩම කොට තිබේ.

ඉංජිනේරු සංස්ථාව මගින් කුලියට ලබාගෙන තිබූ වාහන 3ක් මෙලෙස පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අවභාවිතා කර ඇති බවට ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව පැවසේ.