FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු වැඩි වීමට ගැන බස් සංගම් මත දෙකක.

යක් දිනා ගැනීමට හැකිවූ බවද අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

සියයට හයක බස්ගාස්තු සංශෝධනය ලබා දීමට රජය ගෙන ඇති තීරණයට තමන්ට සතුටුදායක නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

කෙටිදුර ධාවනය වන බස් රථ සඳහා එම ගාස්තු සංශෝධනය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද ඒ මහතා  වැඩි දුරටත් අවධාරණය කරයි.

ජූලි 01 වැනිදාට නියමිත බස් ගාස්තු සංශෝධනයේදී රජය එකඟත්වය පළ කළේ 3.2ක ගාස්තු සංශෝධනයක් පමණක් වුවද තම සංගමය සිදුකළ විරෝධතාව හේතුවෙන් 6ක ගාස්තු සංශෝධනයක් දිනා ගැනීමට හැකිවූ බවද අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

මේ අතර රජය දුන් සියයට හයක බස් ගාස්තු සංශෝධන බස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඊට වැඩි ප්‍රතිශයකින් බස් ගාස්තු ඉහළ දැමුවේ නම් මගී ජනතාව බස් කර්මාන්තයෙන් ඉවත්ව යනු ඇතැයිද ඒ මහතා අවධාරණය කළේය.