FAST NEWS

24×7 Around the Globe

රත්නපුර ගුරුබැවිලාගම මවක් සමග දියණියක් ඝාතනය කෙරේ.

රත්නපුර ගුරුබැවිලාගම ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනයට ලක්වූ දෙදෙනෙකුගේ මළ සිරුරු අද(13) උදෑසන සොයා ගෙන ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ 13 හැවිරිදි දියණියක් සහ 37 හැවිරිදි මවක් බව පැවසේ.

ස්වාමියා විසින් මෙම ඝාතන සිදු කර ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(13) දහවල් සිදු කිරීමට නියමිතය.