රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව වසර පහක කාලයක් සුරක්ෂිතව පොලිස් සමීප රූප ආවේක්ෂණ සී.සී.ටී.වී. කොට්ඨාසයේ තිබූ සී.සී.ටී.වී. මුල් සමීප රූප දර්ශනවල පිටපත් අඩංගු සී.ඩී.පට 10ක් එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඊයේ (12) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත බාර දුන්නේය.
අධිකරණය ඉකුත් (08) වන දින පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය වෙත කරන ලද නියෝගයකට අනුව තාජුඩීන්ගේ ඝාතනයට අදාළ සී.සී.ටී.වී. දර්ශනවල මුල්පිටපත්වල පිටපත් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණ. තාජුඩීන් ඝාතනයට අදාළව මේ වනවිට අධිකරණ බාරයේ තිබෙන සී.සී.ටී.වී. දර්ශන යම් සංරක්ෂණයකට භාජනය කර ඇති බවට ප්‍රබල සැකයක් පවතින බව සඳහන් කරමින් රහස් පොලිසිය පොලිස් ආවේක්ෂණ කොට්ඨාසයේ සුරක්ෂිතව තිබෙන සී.සී.ටී.වී. දර්ශන අධිකරණය වෙත බාරදෙන ලෙසට කරන ලද ඉල්ලීමකට අනුව මෙම සී.ඩී. තැටි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. හයිලෙවල් පාර බේස්ලයින් හංදිය හා නාරාහේන්පිට හන්දියේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා මඟින් 2012/5/16 දින පැය 23.00 සිට 2012/5/17 දින පැය 2.00 දක්වා කාලය තුළදී පටිගතව තිබූ දර්ශන සංයුක්ත තැටි 2 වෙන් වෙන් වශයෙන් මුද්‍රා තබා කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
මෙහි මුල් පිටපත් කොට්ඨාසය භාරයේ සුරක්ෂිතව ඇති බව ස්ථානාධිපති ටී. ජී. ගම්ලත් මහතාගේ අත්සනින් යුතුව ලිපියක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් ඩී.වී.ඩී. පට 8ක් හා සී.ඩී. පට 2ක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු පොලිස් පරීක්ෂක සමුද්‍ර සුදේශ් විජේසිංහ මහතා 2012/5/19 වන දින පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය වෙත ගොස් තාජුඩීන් ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් 2012/5/16 පැය 23.00 සිට 2012/5/17 පැය 2.00 කාලය ආවරණය වන පරිදි බේස්ලයින් පාර හයිලෙවල් පාර මංසන්ධිය (කිරුළපන) හා නාරාහේන්පිට මංසන්ධියේ සවිකර තිබූ පොලිස් සී.සී.ටී.වී. කැමරාවල පටිගතවන දර්ශන සංරක්ෂණය කර තබන ලෙසට එහි නිලධාරින්ද දැනුවත් කර ඇත.
ඒ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. ආර්. එල්. රණවීර මහතා ලිපියක් මඟින් සී.සී.ටී.වී. කොට්ඨාස අධ්යක්ෂ ඉල්ලීමක් කර ඇති බවට රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණ.
ඉහත කාල පරාසයට අයත් දර්ශනවල පටිගත කරන ලද සී.ඩී. තැටි 4ක් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක සෝමතිලක මහතා නිරීක්ෂණයට ලක්කර ඇති බවත් රහස් පොලිස් බාරයට සී.ඩී. තැටි පත්වනතුරුත් නිසි ක්‍රමවේදයක් යටතේ ආරක්ෂා සහිතව තබා තිබූ බවට කරුණු අනාවරණය නොවන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු දන්වා තිබිණ.
ඒ අනුව එම සී.ඩී. තැටි ආරක්ෂිතව තබා විධිමත් සමීප රූප දර්ශන සංරක්ෂණය කරන ලද කාලපරාසය පිළිබඳව ප්‍රබල සැකයක් මතුව ඇති බව සඳහන් කරන රහස් පොලිසිය මේ වනවිට පොලිස් සමීපරූප ආවේක්ෂණ කොට්ඨාසයේ සංරක්ෂණය කර තිබෙන සී.සී.ටී.වී. සමීප රූප දර්ශනවල පිටපත් දෙකක් වෙන් වෙන් ලෙස මුද්‍රා තබා අධිකරණයට බාරදෙන ලෙස අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටි රහස් පොලිසිය මුල්පිටපත් නැවත දැනුම් දෙනතුරු ආරක්ෂා සහිතව තබා ගැනීමට පොලිස් ආවේක්ෂණ කොට්ඨාසය වෙත නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.