FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු ඉවත් කෙරෙති ?

අධ්‍යාපන, සෞඛ්‍ය සහ සංස්‌කෘතික ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

අකාර්යක්‍ෂමතාව, පරිපාලන නිලධාරීන් සමඟ ගැටලු ඇතිකර ගැනීම, වැඩ කටයුතු අවුල් කිරීම මෙන්ම ඇතැම් ගැටලු සඳහා නිසි ප්‍රතිචාර නොදැක්‌වීම නිසා මෙම අමාත්‍යාංශවල ලේකම්වරුන් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍යාංශ ලේකම්වරුන් ඉවත් කිරීමට ආසන්නම හේතුවක්‌ බවට පත්ව ඇත්තේ මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ ඇති වූ ගැටලුව බව ද අමාත්‍යාංශ දෙක නිසි සම්බන්ධීකරණයකින් මෙම උළෙල සංවිධානය නොකිරීම අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන්ගේ වගකීම් පැහැර හැරීමක්‌ බව ද වාර්තා වේ.

මෙම අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස බොහෝ විට අලුත් මුහුණු එක්‌කිරීමට රජයේ සූදානමක්‌ ඇතැයි වාර්තා වේ.