FAST NEWS

24×7 Around the Globe

අත්‍යවශ්‍ය භාණ්‌ඩ 15 ක්‌ සඳහා වැට්‌ බදු සහන.

අත්‍යවශ්‍ය භාණ්‌ඩ 15 ක්‌ සඳහා වැට්‌ බදු අය නොකොට සහන ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව සීනි, මයිසූර් පරිප්පු, අර්තාපල්, ලූනු, මිරිස්‌, සැමන්, මුංඇට, සුදුලූනු, කඩල, හාල්මැස්‌සන් ආදිය ඊට ඇතුළත් වන බවත් මෙම සම්පූර්ණ භාණ්‌ඩ ලැයිස්‌තුව කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය විසින් ඉතා ඉක්‌මනින් ප්‍රකාශයට පත්කරනු ඇති බවත් අගමැතිවරයා කීය.

අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල ගණන් මේ වන විට තරමක්‌ ඉහළ ගොස්‌ ඇති නමුත් එලෙස වූයේ වැට්‌ බද්ද නිසා නොවන බව පැවසූ අගමැතිවරයා භාණ්‌ඩ මිල ගණන් වැඩි කිරීමට කටයුතු කළ අය පිළිබඳව රජය සොයා බලන බව ද කියා සිටියේය.

ඉදිරියේදී, අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල ගණන් වැඩි වුවහොත් තවත් සහන ලබාදීමට කටයුතු කරන බවත් වැට්‌ බද්ද අය නොකරන භාණ්‌ඩ මිල ගණන් සම්බන්ධව රජය විසින් ජනතාව දැනුවත් කරන බවත් අගමැතිවරයා පැවසීය.

රජය භාණ්‌ඩ මිල ගණන් අඩු කොට තිබියදී වැඩි මිලට විකුණන වෙළෙඳුන් අත්අඩංගුවට ගන්නා අතර ඒ සඳහා මිල පාලන නිලධාරීන් යොදවන බවත් සඳහන් කළ හෙතෙම වැඩි මිලට භාණ්‌ඩ විකුණන වෙළෙඳුන් පිළිබඳව දැනුම් දීමට දුරකථන අංක හඳුන්වා දෙන බව ද පැවසීය. එක්‌සත් ජාතික පක්‍ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වෙමින් පෙරේදා (11 දා) මැදකොළඹ ප්‍රදේශයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.