FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකානු ගුවන් යානයක් හීතෘ වෙත හදිස්සියේ ගොඩබස්වයි.

බ්‍රිතාන්‍යයේ සිට ඇමෙරිකාව බලා ගමන් කළ ඇමෙරිකන් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් යානයක් එහි නියමු කුටියේ ඇති වූ දුමක් හේතුවෙන් යළි හීතෘ ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.

AA105 අංක දරණ මෙම යානය එංගලන්තයේ, ස්වින්ඩොන් නගරයට ආසන්නයේදී මෙසේ නියමු කුටියෙන් දුමක් නිකුත් වී ඇති බව කියයි.

එහිදී, යානය යළි ලන්ඩනයේ හිතෘ ගුවන් තොටුපොළ වෙත හරවා ගමන් කරවීමට නියමුවන් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, යානය නිරුපද්‍රිතව හිතෘ ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති අතර, ගිනි නිවන රථ රැසක් ඒ වනවිටත් ධාවන පථය වෙත කැඳවා තිබුණු බවද කියැවෙයි.

යානයේ කාර්මික දෝෂයක් මෙම දුමට හේතුවී ඇති බවත්, ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවන බවත් කියැවෙයි.