රාජපක්‍ෂ පවුලේ වත්කම් ගැන සුමනදාස මහතා කට උත්තර දෙයි.

රාජපක්‍ෂ පවුලේ වත්කම් ගැන සුමනදාස මහතා කට උත්තර දෙයි.

 

රාජපක්‍ෂ පවුලේ ඉඩකඩම්, නිවාස, වත්කම් පිළිබඳ මෙන්ම ඔවුන් සමීපයේ සිටි විවිධ පුද්ගලයන් විසින් සිදුකර ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජෝතීර්වේදියා ලෙස කටයුතු කළ සුමනදාස අබයගුණවර්ධන මහතා වැදගත් තොරතුරු රැසක්‌ හෙළිකර ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සුමනදාස මහතාගෙන් ඊයේ (15 ) පැය අටක්‌ ප්‍රශ්න කර ඇත.

රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට අයත් ඉඩකඩම් සඳහා මෙන්ම නිවාස ඉදිකිරීම සඳහා ජ්‍යෙතිෂ කටයුතු කර ඇත්තේ සුමනදාස මහතා විසිනි.

මෙම ඉඩකඩම්, නිවාස ඇතුළු දේපළ පිහිටි ස්‌ථානයන් පිළිබඳව මෙහිදී සුමනදාස මහතාගෙන් තොරතුරු විමසා ඇත.

පොලිසිය කළ දැනුම් දීමකට අනුව ඊයේ (15 දා) පෙරවරු 9.00 ට පමණ මූල්‍ය කොට්‌ඨාසය හමුවේ පෙනී සිටි සුමනදාස මහතා පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදී තිබේ.

ඒ මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා ඉදිරි දිනක මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත කැඳවීමට නියමිතය.