පසුගිය ජනවාරි මස 09 වැනි දා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරුම් දී විනාඩි කිහිපයකට පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධී බැවින් අගමැතිට විශ්වාස භංග ගෙන ඒමට කලින් ජනාධිපති මෛත්‍රිපාලට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු යයි දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී නීතීඥ, මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.
එසේ ව්‍යවස්ථාව උලංලංඝණය කරමින් පත් වූ අගමැති විසින් පත් කර ඇති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරන්නේ නීති විරෝධී කටයුතුද බව කී ඔහු පොලිස් ආඥා පනත යටතේ එම කොට්ඨාසය පරීක්ෂණ කළ යුත්තේ පොලීසිය අභ්‍යන්තරයේ කටයුතු මිස සිවිල් පුද්ගලයින්ට බලපාන කාරණා නොවන බවද කියා සිටී.







