FAST NEWS

24×7 Around the Globe

හොරුන් රැකීමට ආණ්ඩුව විගණන පනත ප්‍රමාද කරනවා.

හොරුන් රැකීම සඳහා ආණ්ඩුව විගණන සේවා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒම ප්‍රමාද කරනු ලබන බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

සංශෝධනයකින් තොරව කඩිනමින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසී ය,

“මහා පරිමාණයෙන් ව්‍යාපාර කරන අය මැති ඇමැතිවරුන් වුණාම ඒ අය නීති රීති පනවනවාට විරුද්ධ වෙනවා පමණක් නොව ඒවා රැකගන්නත් උත්සාහ දරනවා.“

“අලුත් පනත් ගෙන එන්න ආණ්ඩුව සූදානම් වෙනවා. සමහර පනත් පම්පෝරි පනත් කියලා කියන්න ඕනෑ. ජාතික විගණන පනතත් ගේන්න හදනවා. ඒකත් ඒවගේ එකක්. සුදු කරපටි දාගෙන ඉන්න අය කරන වැරදි වහනවා. පොඩි අයට දඬුවම් දෙනවා. මේකද හයපාලනය? වැරදිවලට ලොකු පොඩි බේදයක් නෑ. සමහරු හොරු රකින්න උත්සාහ කරනවා.‘‘