FAST NEWS

24×7 Around the Globe

නීෂා බිස්වාල් අද දිවයිනට.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව ද්වීපාර්ශ්වික සහයෝඟීතාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණීන් දෙදින නිල සංචාරයක් සඳහා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය අද (12) ශ්‍රී ලංකාවට පැමීණිමට නියමීතය.

ඒම මහත්මිය සමඟ දකුණු ආසියාව භාර නියෝජ්‍ය සහකාර ලේකම් මන්ප්‍රිට් සිං මහතා ද මෙරටට පැමිණීමට නියමීත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කර සිටියි.

මෙම සංචාරය තුළදී අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ඇතුළු පිරිස විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඇතුළුව රජයේ ඉහළ පෙළේ නියෝජිතයන්, දේශපාලන නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව පැවසේ.

මීට අමතරව දෙරට අතර ආර්ථික සහයෝගිතාව, ප්‍රජාතන්තවාදී පාලනය සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අමෙරිකානු තානාපති කාර්යාලය සදහන් කරයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය මෙරටට පැමිණ තිබෙන අතර රජයේ නියෝජිතයන්, සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු පිරිස් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
ඇත.