බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය සකස් කළ වාර්තාව ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද (12) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව ඊයේ (11) ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී රැස් වූ අතර එහි දී සකස් කළ වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත භාරදී ඇත.
මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර, බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටු සාමාජිකයන්, බස් සංගම් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
බස් රථවල ආසන සංඛ්‍යාව, ටයර් සහ ටියුබ් මිල වැඩිවීම, වාර්ෂික බලපත්‍ර ගාස්තුව වැඩිවීම, ප්‍රාග්ධන පොලී අනුපාතය යන කරුණු හතර පිළිබඳ මෙම කමිටුව එහි දී අවධානය යොමුකර තිබේ.
බස්ගාස්තු සංශෝධනයට සකස් කළ වාර්තාවට අමතරව ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ඉදිරියේ දී වාර්තාවක් සකස්කිරීමට ද එහි දී තීරණය වී ඇත.