FAST NEWS

24×7 Around the Globe

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයෙන් රාජ්‍ය ආදායමට කිසිදු බලපෑමක් ඇති වන්නේ නෑ.

ඉහළ දැමූ වැට් බද්ද අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයෙන් රාජ්‍ය ආදායමට කිසිදු බලපෑමක් ඇති නොවන බවත් වැට් බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද ජූලි මාසය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව හරහා නීතිගත කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව පසුගිය මැයි 02 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධන මිල ගණන් අදාළ වන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ සම්මත කරන තුරු වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ක්‍රියාත්මක නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) ලබාදුන් නියෝගයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ බව නිවේදනයක් මගින් කියා සිටියේය.
වැට් සංශෝධන පනත පළමු වර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගිය ජූලි 08 වැනි දා ඉදිරිපත් කෙරුණු අතර දෙවැනි වර කියැවීම ජූලි 23 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිත බව ද එහි දැක්වේ.