FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වෙයි ධුරය තෙරේසා මේ ට.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සිය ධූරයෙන් ලබන බදාදා වන විට ඉල්ලා අස්වීමට නියමිත බව ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට තීරණය වීමත් සමග විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඩේවිඩ් කැමරන් සිය ඉල්ලා අස්වීම පසුගිය දා නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ලබන බදාදා දින ඔහු අග්‍රමාත්‍ය ධූරයෙන් බොහෝ දුරට ඉල්ලා අස්වන බවත්, ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග එම තනතුර සඳහා පත් කිරීමට තෙරේසා මේ නම් කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.