FAST NEWS

24×7 Around the Globe

අද පස්වරුවේ සිට වැට් බද්ද 11%යි.

අද (11) පස්වරුවේ සිට නැවත වැට් බදු පනත සම්මත කර ගන්නා තුරු භාණ්ඩ හා සේවාවලට අයකළ හැක්කේ සියයට 11ක වැට් බදු ප්‍රතිශතයක් පමණක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය වෙත පැවසීය.

එහෙත් පනත සම්මත වූ පසුව සියයට 15ක වැට්බදු ප්‍රමාණය අය කිරීම මැයි දෙවැනි දා සිට ක්‍රියාත්මක වන බව ද මුදල් ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.