FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ රිමාන්ඩ්.(update)

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය.

 මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ‍පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගත් අතර පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය

++++++++++++++++++++++++++(update)

මන්ත්‍රී නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ස්වල්ප වේලාවකට පෙර කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දී (FCID) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

පසුගිය රජය සමයේ ඔහු කළැයි පැවසෙන මූල්‍ය අපරාධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වැඩි දුරටත් පැවසේ.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.