FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයේ ජය ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ට.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ පාලක කොන්සර්වේටිව් පක්ෂය එරට මහ මැතිවරණයෙන් ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ දී කොන්සර්වේට්ව් පක්ෂය සහ ලේබර් පක්ෂය අතර තියුණු සටනක් පැවැතුණි.

පසුගිය සතියේ පැවැති මහ මැතිවරණයෙන් ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වන නමුත් ප්‍රකාශ වී ඇති ප්‍රතිඵලවලට අනුව මේ වන විටත් පාලක කොන්සර්වේට්ව් පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව ලේබර් පක්ෂ නායක බිල් ෂෝර්ටන් සිය පරාජය භාරගෙන ඇති අතර ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් වෙත සුබ පැතුම් එක් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.