FAST NEWS

24×7 Around the Globe

උදය ගම්මන්පිලගේ පෙත්සම විභාගයට ගැනීමට තීරණය කෙරේ.

පාර්ලිමෙන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන දෙසැම්බර් මස 14 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබාදී තිබේ.

තමන්ව අත්අඩංගුවට ‍ගෙන රිමාන්ඩ් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙහි වග උත්තර කරුවන් ලෙස නම් කොට ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසකට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි අද (11)නොතීසි නිකුත් කර ඇත.

ප්‍රමාණවත් හේතු නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතීන් කඩ කර ඇතැයිද මේ නිසා තමන්ට වන්දියක් ගෙවන්නැයිද මන්ත්‍රීවරයා එම පෙත්සමෙන් ඉල්ලා ඇත.