FAST NEWS

24×7 Around the Globe

විදේශ විනිසුරුවරුන්ට අපේ රටේ නඩු අහන්න බෑ.

විදේශ විනිසුරුවරුන් ගෙනවිත් අපේ රටේ නඩු අහන්න ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව කිසිසේත්ම ඉඩක්‌ නැහැ යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

එවැනි දෙයක්‌ සිදුකිරීමට ව්‍යවස්‌ථා වගන්ති සංශෝධනය කළ යුතු බවත් ඊට තමා කිසිසේත් එකඟ වන්නේ නැතැයි ද ජනාධිපතිවරයා පෙරේදා (09 දා) පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමයේ පැවැති උත්සවයකදී අවධාරණය කළේය.

කිසිදු අවස්‌ථාවක විදේශයන්ට අවශ්‍ය පරිදි මෙරට රාජ්‍ය පාලනය කළමනාකරණය කිරීමට ඉඩ තබන්නේ නැතැයි ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.