FAST NEWS

24×7 Around the Globe

මිලියන 70 ක සිද්ධියකට නාමල් රාජපක්ෂ මහතා FCID යට.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID )හමුවේ අද (11) දිනයේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර ඇත.

ඒ, රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළවය.

රග්ර් ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් සිලෝන් ප්‍රිමියර් ක්‍රීඩා සමාජයට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රිස් සමාගමට දැනුම්දීමක් කරනු ලැබ ඇත.

කෙසේවෙතත් එම මුදල බැර වී ඇත්තේ පෞද්ගලික ගිණුමකට බව මූලික පරීක්ෂණයේදී අනාවරණ වී තිබේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද කැඳවා ඇත්තේ ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමටය.