ඉන්දියන් තෙල් සමාගම (අයි.ඕ.සී.) පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් ඉහළ දමා තිබේ.
මෙලෙස ඉන්දියන් තෙල් සමාගම ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ අදාළ ගිවිසුම් උල්ලංඝනය කරමින් යෑයි ශ්‍රී ලංකා ස්වාධීන නිදහස් සේවක එකමුතුවේ උප සභාපති ජීවක රුවන් රූපසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල්වල ඉන්ධන මිල ගණන් ඉහළ දමා නොතිබියදී ඉන්දියන් තෙල් සමාගම හිතුමතේ මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පවසයි.
මීට අමතරව ත්‍රිකුණාමලයේ චීන වරාය පරිශ්‍රයේ පිහිටා ඇති වටිනාම තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දියන් තෙල් සමාගමට පවරා දීමට රජය කටයුතු කර ඇතැයිද ජීවක රුවන් රූපසිංහ මහතා කීය.
ඉන්ධන මිල ගණන් වැඩි කිරීමේදී තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සහ ඉන්දියන් තෙල් සමාගම මුදල් අමාත්‍යාංශය සහ රජයෙන් අවසර ගත යුතු බවද ඉන්දියන් තෙල් සමාගම හිතුමතේ මෙලෙස මිල ගණන් ඉහළ දැමීම බරපතළ ප්‍රශ්නයක් බවද වෘත්තීය සමිති කියා සිටී.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව යළිත් විකුණා දැමීමේ රහසිගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ගිවිසුම් උල්ලංඝනය කරමින් ඉන්දියන් තෙල් සමාගම තෙල් මිල ඉහළ දැමීම එහි මූලික පියවරක් බවත් ඔහු කියා සිටී.
රජය වහාම මැදිහත් වී ඉන්දියන් තෙල් සමාගම ගෙන ඇති මෙම තීරණය පිළිබඳව රටට සත්‍ය හෙළි කළ යුතු බවත්, එලෙස නොකරන්නේ නම් ඊට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.