FAST NEWS

24×7 Around the Globe

මඩකලපුව ගුවන් හමුදා කදවුරේ ප්‍රතිසංස්කරණය කරන ලද ගුවන් පථය ජනපති අතින් විවෘත කෙරේ …

මඩකලපුව ගුවන් හමුදා කදවුරේ ප්‍රතිසංස්කරණය කරන ලද ගුවන් පථය සහ මගී පර්යන්තය අද (10) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

නවීකරණය කරන ලද ගුවන් පථයට ගොඩබැස්වූ පළමු ගුවන් යානයෙන් ජනාධිපතිතුමා පැමිණීම ද විශේෂත්වයකි.

 එහිදී ජනාධිපතිතුමා වෙත ගුවන් හමුදා උත්තමාචාර ද පිරිනැමුණු අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතා විසින් ජනාධිපතිතුමා පිළිගනු ලැබීය.

නවීකරණය කරන ලද ගුවන් පථයේ සමරු ඵලකය නිරාවරණය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

නව ගුවන් පථය මීටර් 1560 ක් දිගින් යුත් අතර මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා සදහා පහසුකම් සළසමින් එය නවීකරණය කර තිබේ.

අමාත්‍ය දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන් ද නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුථ පළාත් මැති ඇමතිවරු ද, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන බුලත්සිංහල, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුථ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිළධාරිහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.