FAST NEWS

24×7 Around the Globe

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරු අද හදිසියේ රැස්වෙති.

 

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහභාගි වන රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. කොළඹ 07, පදනම් ආයතනයේදි දහවල් 12 ට එම රැස්වීම ආරම්භවීමට නියමිත බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආරංචිමාර්ග සදහන් කළේ.

විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා මෙහිදි සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේ.