FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් අධිකරණය මාස නවයකින් !

යුද අපරාධ චෝදනා පරීක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් අධිකරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකා රජයට මාස නවයක කාලයක්‌ ලබා දී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

මෙම නව මස තුළ ශ්‍රී ලංකාව හයිබ්‍රිඩ් අධිකරණය පිහිටුවා එකී නඩු කටයුතු අරඹන්නේ කෙසේද යන්න නිරීක්‍ෂණය කරන මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඒ ගැන පූර්ණ වාර්තාවක්‌ 2017 මාර්තු මස මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ අතර එම හයිබ්‍රිඩ් අධිකරණයේ කටයුතු 2017 පෙබරවාරි මස ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.