FAST NEWS

24×7 Around the Globe

පළාත් ඡන්ද පෙත්සම විභාගයට පත්කළ විනිසුරුවරයෙක් ඉවත් වෙයි.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම සඳහා පත්කළ ද්වී පුද්ගල විනිසුරු මඩුල්ලෙන් අද (09) එම නඩුව කැඳවූ අවස්ථාවේ එක් විනිසුරුවරයෙක් ඉවත් වී තිබේ.

මෙසේ ඉවත් වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වන ප්‍රියන්ත ජයවර්ධන මහතායි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල  හිටපු පළාත් පාලන නියෝජිතයින් 18දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබූ අතර එය විභාග කිරීම සඳහා ද්වි පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කළ අතර එහි සාමාජිකයින් වූයේ නීතීඥ නලීන් පෙරේරා මහතා සහ ප්‍රියන්ත ජයවර්ධන මහතායි.

අද  දින නඩුව කැඳවූ අවස්ථාවේ ඉන් එක් සාමාජිකයෙක් වන ප්‍රියන්ත ජයවර්ධන මහතා ඉන් ඉවත්වූයේ පෞද්ගලික හේතුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමිනි.