FAST NEWS

24×7 Around the Globe

වැට් බදු අය නොකරන භාණ්ඩ ලැයිස්තුව මෙන්න.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඹෟෂධ වර්ග සඳහා වැට් බදු අය නොකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිශාඩ් බදියුදීන් මහතා පසුගිය සිකුරාදා (08) පැවසීය.

ඒ අනුව හාල්, සීනි, පරිප්පු, බී ඵණු, අර්තපල්, රතු ඵණු, කිරිපිටි, තිරිගු පිටි, වියලි මිරිස්, මුං ඇට, කඩල, සැමන්, හාල් මැස්සෝ, කුකුල් මස් යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඹෟෂධ වර්ග සඳහා වැට් බදු අය නොකරනු ඇත.

 තවද  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උපරිම සිල්ලර මිල නැවත ගැසට් කරන බවත් උපරිම සිල්ලර මිලට වඩා විකුණනු ලබන වෙළදසැල් වැටලීමට  ක්‍රියා කරන බවද ඔහු පැවසීය.

අදාල මිල ගනන් පිළිබඳව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා පාරිභෝගිකයා දැනුවත් කිරීමටද නියමිතය. ලබන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල  මිල පිළිබඳව අවසන් තීරණයක් ගැනෙන අතර ඉන් පසු ඉදිරි  සතිය තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගැසට් කිරීමටත් නියමිතය