FAST NEWS

24×7 Around the Globe

ආදරණිය කතාවක් චිත්‍රපටයට නඩු.

දුම්කොළ හා මද්‍යසාර පනත උල්ලංඝණය කරමින් දුම්කොළ හා මද්‍යසාර වෙළඳ ලකුණු ප්‍රදර්ශනය කළැයි කියන ආදරණිය කතාවක් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ  හා සම නිෂ්පාදක චමින්ද ගමගේගේ කට උත්තර ලියා ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (08) කියා සිටියේය.

නාරාහේන්පිට පොලිසිය අධිකරණයට පැවසූයේ තහනම් වෙළඳ ලකුණු එම චිත්‍රපටයේ ජවනිකා 10 ක පමණ ඇති බවයි.

එම චිත්‍රපටයේ සී.ඩී. පිටපතක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් චිත්‍රපට සංස්ථා සභාපතිට හා මැජෙස්ටික් සිනමාහලේ කළමණාකරුට නියම කළේය.

නාරාහේන්පිට පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් සී.ඩී පිටපතක් ලබා ගැනීම පහසු බවයි.

පැමිණිල්ල ජූලි 11 දක්වා කල්තැබිණි.