FAST NEWS

24×7 Around the Globe

අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ් කෙරේ.(update) 2.11 pm

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08දා) නියෝග කළේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පැවැත්වූ පාගමනකදී අධිකරණ නියෝග කඩකරමින් හැසිරුණු බවට අධිකරණය විසින් ළහිරු වීරසේකර මහතාට චෝදනා එල්ල කර තිබේ.

—————————————–(update) 2.11 pm

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනේ.

උසාවි නියෝග කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (8) කොටුව උසාවියේ පැවැති නඩුවකට පැමිණි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගත් බව අධිකරණ ආරංචි කියයි.